Posts

ආලේ සුවඳ

Image
ආදරණීය සමනලුනේ, ඔබට රිසි සේ තටු සළා මා හැඟුම්  අපූරු උද්දාමයකින්  කුල්මත් කිරීමට ඉඩ දුන්නේ... මට හිමි කෙනා  ඔහු බව දැනිලයි... ආදරණීය පුංචි මලේ, අමනාප නොවන්න ඔබේ සුවඳ  මා අද නොවින්ඳේ... මා හද පිරී ඇති ඔහුගේ සුවඳින් මොහොතකට හෝ මිදීමට ඇති දුකෙනුයි.. -Jinathi Ekanayaje-

මන්දගාමී හවසක්

Image
අළු පාට අහසක්  ඕනෑවට එපාවට වට්ටන පොද  කම්මැලි නිසල  ගසක කොළයක්  දෙකක් සලිත කරවා අමුතු  තෘප්තියක් ලබයි තෙත බරිත  අත්තක නිදිකිරා වැටෙන  කවුඩෙකුට වැහි බිංදුවක්  ටොක්කක් ඇන හදිසියේ ඇහැරී කවුඩු බස අමතක ව ඤාව් ඤාව් ගායි ඉස්තෝප්පු පඩියක නිදා උන් පූසා ඒ ඇසී විපරම් දෑසින්  බලන්නේ පූස් බස  වෙනස් කෙරූ එකා මොකාද කියායි -Jinathi Ekanayake-

කල්මැරීමක් වූ ආලය

Image
                                       මහ හුළං හැමූ                                            දවසක                                      අත් අල්ලන් දිවූ                                           හැන්දෑවක්                                              තිබුණා                               ලොකු වැහි බිඳු වැටුණු                         ...

ශුන්‍ය කාර්තුව

Image
හැඟීම් ශුන්‍ය මොහොතක් කල්ප කාලයක් සේ දැනෙන එපා කරපු කාර්තුවකි මේ මට මා කව්දැ'යි නොතේරෙන කුමක් කළ යුතුදැ'යි නොදැනෙන ගුප්ත කාර්තුවකි මේ ආලය දැනෙන නොහැඟෙන දින ඔහේ ගෙවී යන  කළුවර කාර්තුවකි මේ මනස අලස කරවන අමතක මතක යලි ඇවිලෙන අමුතු ම කාර්තුවකි මේ -ජිනාති-

ඒ හැඟුම්

Image
ආදරණීය සමනලුනේ, ඔබට රිසි සේ තටු සළා මා හැඟුම්  අපූරු උද්දාමයකින්  කුල්මත් කිරීමට ඉඩ දුන්නේ... මට හිමි කෙනා  ඔහු නොවන බව නොදැනයි!

ඇට්ටේරියා මල්

Image
  පුංචා ඒක කළේ සෙල්ලමට. ඒත් අම්මා ඒක තේරුම්ගත්තේ ඕනකමින් කළ දෙයක් හැටියට. පුංචා අම්ම එක්ක පන්සල් ගිහිං එන ගමං, අම්මගෙ සාරිපොට තුත්තිරි ගොල්ලක් දිගේ ඇදගෙන ගිහිං. සෙල්ලම උනත් කරල තියන වැඩේ වැරදියි තමයි. ඒත් ඒක වැරැද්දක් කියල නොදැන , අපූරුවට තුත්තිරි ඇට සාරි පොටේ ඇලෙන හැටි බලලා විනෝද උන එකයි පුංචා කළේ. අම්මට කේන්ති යාමද පුංචාට විනෝදයක් විය. " ඇයි අම්මටත් බැරි ඒක දැකලා විනෝද වෙන්න" පුංචට සිතුණි. දඬුවම හැටියට සාරි පොටේ ඇලුණු තුත්තිරි එකින් එක ගලවමින් සිටි පුංචට , පන්සලේදි මල් පූජා කරපු හැටි මතක් විය. පුංචට කිරි කෝප්පෙකුයි තමන්ට තේ කෝප්පෙකුයි හදාගෙන ඇවිත් පුංචා ගාවින් වාඩි උන අම්මාට, බැරෑරුම් කල්පනාවක ගිලිලා ඉන්න පුංචා දැකලා හිනා ගියා ය. වයස දහයක් වූ පුංචා , විශාල දෑස් හිමි , තලඑළළු හමක් ඇති , තමන්ගේ ම මනෝ ලෝකයක සැරිසරමින් විනෝදෙන් සිටි දරුවෙකි. අනේක විද ප්‍රශ්න අසමින් අත්තම්මා සහ අම්මා ව අමාරුවේ දැමීමට ද ඔහු උපන් හපනෙක් විය. පුංචගෙ අප්පච්චි යුද්ධයෙන් මියගිය සොල්දාදුවෙකි . අම්මාගේ හිනාව ගනනකට නොගෙන ම පුංචා අම්මගෙන් මෙසේ ඇසී ය. " අම...

කළුවර දවසක්

Image
අද වෙනවෙනදාටත් වඩා කරුවලයි . ගඟ ඉහැත්තෑවේ රූස්ස කැලේ අමුතු කොළපාටක් ඇඟ ලා ගෙන ය. වැහි කළුවට ගස්වලින් දිස් වන ඒ ගුප්ත තද කොළ පැහැය දෙස ඔහේ බලා සිටීමෙන්, සිතට අමුතු හැඟීමක් ගෙන එයි. ලා හුළඟක් හැමුවත්, ඒ ඇඟට පතට නොදැනී ය. හිත නරක් වූ අහස, කොයි වෙලේ හඬා වැටේ දෝ නොදැන තව තවත් කළු වළාවන් තුරුළු කරගන්නේ, හැඬීමට උදව් දෙන්නට නරක සිතිවිලි එක්කාසු කරන්නාක් මෙනි. බාගෙට තෙත අපේ ඇඳුම් උහුලං ඉන්නා රෙදිවැල, ඒ බරින් අදවත් නිදහස් වේ දෝයි දැනගැනීමට මෙන් මා දෙස බලා සිටියි. ටික දොහක පටන් ඒ රෙදි ඔහේ තෙමෙන්නට හැර දමා තිබේ. දැන් අහසේ දුක රෙදිවැලට ද බරක් වී ඇති සෙයකි.  කෝපි කෝප්පයක් වක්කරන්න දැයි අසාගෙන අම්මා ආවෙන්, රෙදිවැල මට අතවනනවා දැයි සිතූ සිතිවිලි දැහැන බිඳ වැටුණි. හා යැයි අම්මාට කියූ මා, වත්ත පහළට ඇදුණේ දිග ලණුවක් සොයාගැනීමට ය. එහි ඇති මඩුවේ වහලය ඉදිරියට නැමී තිබුණෙන්, එය නොතෙමී ඉන්නට හොඳ තිප්පොලකි. එහි පොළු අතර ලණුව ගැටගසා රෙදිවැල දවස් ගානක බරින් නිදහස් කළ මම, කෝපි කෝප්පය තොලගාන්නට වීමි.