ආලේ සුවඳ


ආදරණීය සමනලුනේ,

ඔබට රිසි සේ තටු සළා

මා හැඟුම් 

අපූරු උද්දාමයකින් 

කුල්මත් කිරීමට

ඉඩ දුන්නේ...

මට හිමි කෙනා 

ඔහු බව දැනිලයි...

ආදරණීය පුංචි මලේ,

අමනාප නොවන්න

ඔබේ සුවඳ  මා

අද නොවින්ඳේ...

මා හද පිරී ඇති

ඔහුගේ සුවඳින්

මොහොතකට හෝ

මිදීමට ඇති දුකෙනුයි..


-Jinathi Ekanayaje-



Comments

Popular posts from this blog

ඇට්ටේරියා මල්

නිදහස් මලක්