ශුන්‍ය කාර්තුව
හැඟීම් ශුන්‍ය මොහොතක්
කල්ප කාලයක් සේ දැනෙන
එපා කරපු කාර්තුවකි මේ
මට මා කව්දැ'යි නොතේරෙන
කුමක් කළ යුතුදැ'යි නොදැනෙන
ගුප්ත කාර්තුවකි මේ
ආලය දැනෙන නොහැඟෙන
දින ඔහේ ගෙවී යන
කළුවර කාර්තුවකි මේ
මනස අලස කරවන
අමතක මතක යලි ඇවිලෙන
අමුතු ම කාර්තුවකි මේ
-ජිනාති-
රසවත්
ReplyDelete