Posts

Showing posts from December, 2020

ශුන්‍ය කාර්තුව

Image
හැඟීම් ශුන්‍ය මොහොතක් කල්ප කාලයක් සේ දැනෙන එපා කරපු කාර්තුවකි මේ මට මා කව්දැ'යි නොතේරෙන කුමක් කළ යුතුදැ'යි නොදැනෙන ගුප්ත කාර්තුවකි මේ ආලය දැනෙන නොහැඟෙන දින ඔහේ ගෙවී යන  කළුවර කාර්තුවකි මේ මනස අලස කරවන අමතක මතක යලි ඇවිලෙන අමුතු ම කාර්තුවකි මේ -ජිනාති-

ඒ හැඟුම්

Image
ආදරණීය සමනලුනේ, ඔබට රිසි සේ තටු සළා මා හැඟුම්  අපූරු උද්දාමයකින්  කුල්මත් කිරීමට ඉඩ දුන්නේ... මට හිමි කෙනා  ඔහු නොවන බව නොදැනයි!

ඇට්ටේරියා මල්

Image
  පුංචා ඒක කළේ සෙල්ලමට. ඒත් අම්මා ඒක තේරුම්ගත්තේ ඕනකමින් කළ දෙයක් හැටියට. පුංචා අම්ම එක්ක පන්සල් ගිහිං එන ගමං, අම්මගෙ සාරිපොට තුත්තිරි ගොල්ලක් දිගේ ඇදගෙන ගිහිං. සෙල්ලම උනත් කරල තියන වැඩේ වැරදියි තමයි. ඒත් ඒක වැරැද්දක් කියල නොදැන , අපූරුවට තුත්තිරි ඇට සාරි පොටේ ඇලෙන හැටි බලලා විනෝද උන එකයි පුංචා කළේ. අම්මට කේන්ති යාමද පුංචාට විනෝදයක් විය. " ඇයි අම්මටත් බැරි ඒක දැකලා විනෝද වෙන්න" පුංචට සිතුණි. දඬුවම හැටියට සාරි පොටේ ඇලුණු තුත්තිරි එකින් එක ගලවමින් සිටි පුංචට , පන්සලේදි මල් පූජා කරපු හැටි මතක් විය. පුංචට කිරි කෝප්පෙකුයි තමන්ට තේ කෝප්පෙකුයි හදාගෙන ඇවිත් පුංචා ගාවින් වාඩි උන අම්මාට, බැරෑරුම් කල්පනාවක ගිලිලා ඉන්න පුංචා දැකලා හිනා ගියා ය. වයස දහයක් වූ පුංචා , විශාල දෑස් හිමි , තලඑළළු හමක් ඇති , තමන්ගේ ම මනෝ ලෝකයක සැරිසරමින් විනෝදෙන් සිටි දරුවෙකි. අනේක විද ප්‍රශ්න අසමින් අත්තම්මා සහ අම්මා ව අමාරුවේ දැමීමට ද ඔහු උපන් හපනෙක් විය. පුංචගෙ අප්පච්චි යුද්ධයෙන් මියගිය සොල්දාදුවෙකි . අම්මාගේ හිනාව ගනනකට නොගෙන ම පුංචා අම්මගෙන් මෙසේ ඇසී ය. " අම...