පුංචා ඒක කළේ සෙල්ලමට. ඒත් අම්මා ඒක තේරුම්ගත්තේ ඕනකමින් කළ දෙයක් හැටියට. පුංචා අම්ම එක්ක පන්සල් ගිහිං එන ගමං, අම්මගෙ සාරිපොට තුත්තිරි ගොල්ලක් දිගේ ඇදගෙන ගිහිං. සෙල්ලම උනත් කරල තියන වැඩේ වැරදියි තමයි. ඒත් ඒක වැරැද්දක් කියල නොදැන , අපූරුවට තුත්තිරි ඇට සාරි පොටේ ඇලෙන හැටි බලලා විනෝද උන එකයි පුංචා කළේ. අම්මට කේන්ති යාමද පුංචාට විනෝදයක් විය. " ඇයි අම්මටත් බැරි ඒක දැකලා විනෝද වෙන්න" පුංචට සිතුණි. දඬුවම හැටියට සාරි පොටේ ඇලුණු තුත්තිරි එකින් එක ගලවමින් සිටි පුංචට , පන්සලේදි මල් පූජා කරපු හැටි මතක් විය. පුංචට කිරි කෝප්පෙකුයි තමන්ට තේ කෝප්පෙකුයි හදාගෙන ඇවිත් පුංචා ගාවින් වාඩි උන අම්මාට, බැරෑරුම් කල්පනාවක ගිලිලා ඉන්න පුංචා දැකලා හිනා ගියා ය. වයස දහයක් වූ පුංචා , විශාල දෑස් හිමි , තලඑළළු හමක් ඇති , තමන්ගේ ම මනෝ ලෝකයක සැරිසරමින් විනෝදෙන් සිටි දරුවෙකි. අනේක විද ප්රශ්න අසමින් අත්තම්මා සහ අම්මා ව අමාරුවේ දැමීමට ද ඔහු උපන් හපනෙක් විය. පුංචගෙ අප්පච්චි යුද්ධයෙන් මියගිය සොල්දාදුවෙකි . අම්මාගේ හිනාව ගනනකට නොගෙන ම පුංචා අම්මගෙන් මෙසේ ඇසී ය. " අම...
Comments
Post a Comment