මන්දගාමී හවසක්




අළු පාට අහසක් 

ඕනෑවට එපාවට

වට්ටන පොද 

කම්මැලි නිසල 

ගසක

කොළයක්  දෙකක්

සලිත කරවා

අමුතු 

තෘප්තියක් ලබයි


තෙත බරිත 

අත්තක

නිදිකිරා වැටෙන 

කවුඩෙකුට

වැහි බිංදුවක් 

ටොක්කක් ඇන

හදිසියේ ඇහැරී

කවුඩු බස අමතක ව

ඤාව් ඤාව් ගායි


ඉස්තෝප්පු පඩියක

නිදා උන් පූසා

ඒ ඇසී

විපරම් දෑසින් 

බලන්නේ

පූස් බස 

වෙනස් කෙරූ

එකා මොකාද

කියායි


-Jinathi Ekanayake-


















Comments

Popular posts from this blog

ආලේ සුවඳ

ඇට්ටේරියා මල්

නිදහස් මලක්